රට වසා දමනවාද? නැද්ද? – වගකීම ඔබේ අතේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති නමුත් රට තවදුරටත් වසා නොතැබීමට නම්  ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව මෙතෙක් කොරෝනා එන්නත ලබා ගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙන එන්නත ලබාගැනීමට පියවර ගතයුතු බවද ඒ මහතා පැවසීය .

වයස අවුරුදු 30 ට  වැඩි  ඕනෑම පුද්ගලයෙකුට කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ස්ථාපිත මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගත හැකි බවද  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය .

එසේ අවස්ථාව තිබියදීත් එන්නත ලබා නොගෙන සිටින පුද්ගලයින් හදුනා ගැනීමට අද දිනයේද විමර්ශන ආරම්භ කරන බවද  පොලිසිය සඳහන් කර ඇත . එලෙස හදුනා ගැණුනු පුද්ගලයින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩංගණයට රැගෙන විත් එන්නත ලබා දීමට කටයුතු කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත .