බුර්කාවක් ඇදගෙන ඇවිත් ගම්වාසීන්ගෙන් පහර කෑ සැකකරු පොලිස්පතිගේ ඥාති පුතෙක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

වත්තල හැදල ප්‍රදේශයේ කන්‍යාරාමයක් අසල බුර්කාවක් හැද ගැවසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් සැකපිට අල්ලාගෙන තරුණයකු බව හදුනාගැනීමෙන් පසුව පොලිසියට භාරදීමෙන් පසුව ඉහළ බලපෑමකින් නිදහස් කරන ලද තරුණයා පොලිස්පති පූජිත ජයසුන්දරගේ ඥාති පුතකු බව හෙළිවී තිබේ.

ඊයේ වත්තල දී සැකකටයුතු ලෙස බුර්කාවක් හැද සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් අල්ලාගැනුණු අතර පරීක්ෂා කිරීමේදී එලෙස හැද සිටියේ තරුණයකු බව හෙළිවිය.

ඔහු සමග පැමිණි අනෙක් බුර්කාවක් හැද සිටි පුද්ගලයා පලාගොස් තිබුණි.

ඉන්පසුව ගම්වාසීන් විසින් ඔහුට පහරදී පොලිසියට භාරදුන් අතර තරුණයා පොලිසියට පවසා තිබුණේ තමන් ආදර සම්බන්ධයක් ගොඩනගාගත් තරුණිය මුස්ලිම් තරුණියක බවත් ඇය හමුවීමට නිවැසියන් ඉඩ නොදෙන බැවින් ඇය හමුවීමට බුර්කාවක් හැද යහළුවකු සමග පැමිණි බවයි.

පොලිස් අත්අඩංගුවේ සිටියදී පොලිසියට ආ ඉහළ බලපෑමක් හේතුවෙන් ඔහු නිදහස් කොට තිබුණි.

මරට තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති මොහොතක සැකකරුවකු නිදහස් කිරීම පිළිබද සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ සැකකාර තරුණයා පොලිස්පති පූජිත ජයසුන්දරගේ බිරිදගේ අයියාගේ පුතකු බවයි.