Facebook, Youtube පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වීඩියෝ ඉවත් කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ සියලුම ආකාරයේ වීඩියෝ දර්ශන සියලු ෆේස්බුක් සේවාවන්ගෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසයි.

මෙම දර්ශන අන්තර්ජාලය තුළ හුවමාරු වීම තුළ ඇතිවී තිබෙන දැඩි කණස්සල්ල සහ ව්‍යවුල පිළිබඳ ඔවුන් දැඩිව සලකා බලන බවත්, මෙවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය ආයතන විසින් සංස්කරණය කර විකාශය කළ වීඩියෝ දර්ශනද සිය සේවාවන්ගෙන් ඉවත් කරන බව ෆේස්බුක් කියයි.

එමෙන්ම, ඔවුන්ගේ සේවා ලබාගන්නා පරිශීලකයන් තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත්කිරීම කටයුතු කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ආයතනය ඉල්ලා සිටියි.  

මේ අතර අප කල සොයා බැලීමකදී වාර්තා වුනේ Youtube සාමාජ මාධ්‍ය ජාලයද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වීඩියෝ ඉවත් කරමින් සිටින බවයි.