ගෝලීය වායු දූෂණය ඉහළට – WHO අනතුරු අඟවයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මීට පෙර අපේක්‍ෂිත තත්ත්වයට වඩා ගෝලීය වායු දූෂණය වඩාත් භයානක වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී .

එම සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ ,වායු දූෂණය හා සම්බන්ධ විවිධ රෝග හේතුවෙන් වාර්ෂිකව අකාලයේ මිය යන සංඛ්‍යාව මිලියන 7 ක් පමණ වන බවයි.

මීට පෙර අපේක්‍ෂිත තත්ත්වයට වඩා විෂ වායු සහ අංශු වැඩිවීමත් සමග මිනිසුන්ගේ සෞඛ්‍යයට හානි කරන බවද එම සංවිධානය සඳහන් කර ඇත .

අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් රටවල් මේ තත්ත්වය හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති බවත් ආර්ථික සංවර්ධන ඉලක්ක වෙනුවෙන් පොසිල ඉන්ධන මත යැපීම ඊට ප්‍රධාන හේතුවක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නවතම වාර්තාවේ සදහන්ය .

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුව වනවිට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර අහිතකර වායු විමෝචනය අඩු කර ගැනීමට වහා පියවර ගත යුතු බවයි එහි සාමාජික රටවල් 194ට ලෝක සෞඛ්‍ය සංවිධානය බලකර සිටින්නේ.