ඉදිරියේදී , වසරක් පාසා කොවිඩ් එන්නත ලබාගැනීමට සිදුවේවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියේදී  වැඩි වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයින්ට හා නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට වසරක් පාසා කොවිඩ් එන්නත ලබාදීමටද  සිදුවිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කර සිටී .

වයස අවුරුදු 50ට වැඩි  හා නිදන්ගත රෝග ඇති අයට  කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීම සුදුසු බව මෙරට වෛද්‍ය කමිටු හරහාද නිර්දේශ කර ඇතැයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය

ෆයිසර් හා අස්ට්‍රසේනිකා එන්නත්වල දෙවන මාත්‍රාවෙන් ලැබෙන ආරක්ෂාවද මාස හයකට පමණ පසු යම් මට්ටමකින්  අඩුවන්නේයැයි  ඇතැම් රටවල වෛද්‍ය කමිටු  සඳහන් කර ඇති බවත් ඒ අනුව එම එන්නත්වල දෙවන මාත්රආවෙන් මාස හයකට පසුව තෙවන මාත්‍රාවක් ලබාදීම සුදුසුය යන්න  එම කමිටු නිර්දේශ කර ඇති බවත් මලවිගේ මහත්මිය පැවසීය .

YouTube player