ඉන්දීය රජය, ලංකාවට කොන්දේසි පනවා නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන මිලදී ගැනීමට ණය මුදලක් ලබා දීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ඉන්දියාවෙන් කිසිදු කොන්දේසීයක් ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි .

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

මෙම වසර තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය .

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් පසු මීලග පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති බවද මෙහිදී නැගුණු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය ..