‘සීනි’ පාලන මිලෙන් ගිලිහෙයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස සීනි ආනයනකරුවන් මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත  ආනයනකරුවන් පවසන්නේ දැනට පනවා ඇති පාලන මිල යටතේ වෙළඳපොලට සීනි නිකුත් කළ නොහැකි බවය

දැනට ක්‍රියාත්මක පාලන මිල යටතේ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් වන අතර රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් වේ. කෙසේ නමුත් සිල්ලර වෙළඳසැල්වල මෙම මිලට සීනි මිලදී ගත ‍නොහැක. ඇතැම් ප්‍රදේශවල රුපියල් 170 ද ඉක්මවා සීනි අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත පාලන මිල නාමිකව පමණක් ක්‍රියාත්මක වන බැවින් සීනි පාලන මිල ඉවත් කරන ලෙසයි මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම පාලන මිල ඉවත්කළ පසු සීනි මිල තවදුරටත් ඉහල යාමේ තර්ජනයක්ද මතුවිය හැකි බවද පාරිභෝගික සංගම් පෙන්වාදේ