පුද්ගල ඝාතනයකට තරුණයන් 4 දෙනකු පෝරකයට

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයකුට පොලුවලින් පහරදී තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනාවකට වරදකරු වූ විත්තිකරුවන් 4 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණ දඬුවම අද නියම කළේය.

2007 දෙසැම්බර් 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ස්ටීවන් චන්ද්‍රන් නැමැති අය එලෙස ඝාතනය කරන ලදැයි නීතිපතිවරයා විසින් විත්තිකාර තරුණයින්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.