අලුත් වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් මැතිසබයට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අලුතින් වාහන මිලදී ගැනීම, මහ කන්නයේ වී මිලදී ගැනීම ඇතුළු වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 7120ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරින .

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ය.

මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් ආරක්ෂක ලේකම්වරයාට වාහනයක් මිලදී ගැනීමට සහ ආරක්ෂක ඇමතිවරයාට ආරක්ෂක රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 19ක් වෙන් කර තිබේ.

ඊට මෙරට සාමය ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට වැය වූ රුපියල් දොළොස් ලක්ෂ අනූ දහසක්ද , ජාතික පොලිස් කොමිසමට වැයවූ රුපියල් දහ නව ලක්ෂ දස දහසක මුදලක් ද ඇතුළත් ය.

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 288ක් ද, සේනා දළඹුවාගෙන් වූ හානිවලට වන්දි ගෙවීම සඳහා රුපියල් කෝටි 24 ක් ද, ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් කෝටි 50ක් ද ලබා දෙන ලෙස පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.