ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් ‘හයක්’ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 කට අත්සන් තබා ඇත . ඒ, කොළඹ පිහිටි විදේශ අමාත්‍යංශයේදීයි. දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අතර හමුවක් සිදුවිය

දෙරටේ නියෝජිතයින් එම ගිවිසුම්වලට අත්සන් තබා ඇත්තේ ඒ අතරතුරයි. ඒ අනුව ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපති කිරීම, යාපනටය ඔබ්බෙන්වූ දූපත් 03 ක දෙමුහුම් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසැල් 200 ක පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු පහිටුවීමට අදාළ ගිවිසුම්වලට එහිදී අත්සන් තැබූ බවයි කොළඹ පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

“සුෂ්මා ස්වරාජ්” විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුමකට එහිදී අත්සන් තබා ඇති බවද වාර්තාවේ .