සංචාරක ක්‍ෂේත්‍රයෙන් , මාස තුනක් තුල මිලියන 462ක ආදායමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචාරක ක්‍ෂේත්‍රයෙන් මෙම වසරේ මුල් මාස තුන තුළ අමෙරිකානු ඩොලර් මිලියන 462 ක ආදායමක් හිමි වූ බව සංචාරක අමාත්‍යාංශය පවසයි . එහි ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙම වසරේ සංචාරක ක්‍ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ආදායමක් අපේක්‍ෂා කරන බවයි.

මෙරට බලශක්ති අර්බුදයට විසදුම් ලැබෙන්නේ නම් අපේක්‍ෂිත ආදායම වෙත ළගාවීම පහසු වන බවද සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය

මේ අතර කොවිඩු වසංගතයෙන් වසර 02කට පසු මෙරට මාසික සංචාරකයින් පැමිණීම ඉකුත් 29වනදා ලක්ෂයේ සීමාව ඉක්මවා ගියේය .