ශ්‍රී ලංකා රජයට වංචා කල තානාපති , අධිකරණය ඉදිරියේ වරද පිළිගනී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2013 වසරේ අමෙරිකාවේ, වොෂින්ටන් DC හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක මුදලක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයකු වන ජාලිය වික්‍රමසුරිය වැරදිකරු කරමින් එරට අධිකරණයක් විසින් තීන්දුවක් ලබාදී ඇත .

වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි පදිංචි 61 හැවිරිදි ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය, 2008 සිට 2014 දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී ගොනු කර තිබු චෝදනාවන් සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බව වාර්තාවේ .

මෙම චෝදනාව සඳහා අමෙරිකාවේ ව්‍යවස්ථාව අනුව වසර පහක සිරදඬුවමක් සහ මූල්‍ය දඩයක් පැනවීමේ හැකියාවක් ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයාට එරෙහිව දඬුවම් නියම කිරීම එළඹෙන ජුලි මස 20 වෙනිදා විනිසුරු Tanya S. Chutkan විසින් සිදුකිරිමට නියමිත බවයි එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.