අයිවරි කොස්ට්හි අගමැති ඇතුළු කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

අයිවරි කොස්ට් රාජ්‍යයේ අගමැති පැට්‍රික් ආචි ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලය අඩු කිරීමේ ජනාධිපතිවරයාගේ අභිප්‍රාය අනුව තමා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.

ජනාධිපති ඇලසානේ ඔවාටාරා පවසන්නේ දැනට 41ක් වන අමාත්‍ය මණ්ඩලය 30 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බවය. නව පත්වීම් ලබන සතියේ සිදු කිරීමට නියමිත ය.

කප්පාදු කරන්නේ කුමන අමාත්‍ය ධූරදැයි ඔහු සඳහන් කර නැත.

කුඩා කැබිනට් මණ්ඩලයක් වඩාත් කාර්යක්ෂම සහ ගෝලීය ආර්ථික වාතාවරණයට අනුගත වනු ඇති බව පවසන ජනාධිපතිවරයා බදාදා පැවති කැබිනට් රැස්වීමේදී රජයේ ඉල්ලා අස්වීම පිළිගත් බව පැවසීය.

රාජ්‍ය වියදම් අඩු කිරීම, සමාජ සහ ආරක්ෂාව උදෙසා ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි නැවත අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වන බැවින් මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“2030 සඳහා ඔබේ දැක්ම ක්‍රියාත්මක කිරීමට අපි අපේ උපරිමය ලබා දී තිබෙනවා,” අගමැති ජනපතිට පැවසීය.

66 හැවිරිදි ආචි අගමැති ධුරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය.

2020 දී මිය ගිය අමඩු ගොන් කුලිබාලි සහ හමීඩ් බොකායොකෝගෙන් පසු පසුගිය වසර තුන තුළ බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අයිවරිකොස්ට්හි තුන්වන අගමැතිවරයාට වූයේ ඔහු ය.