IMF සාකච්ඡාවට මුදල් ඇමති ප්‍රමුඛ පිරිස හෙට අමෙරිකාවට

Picture of අසංක

අසංක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවට මුල්‍ය සහය ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට මෙරට නියෝජිත කණ්ඩායම හෙට පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඊට සහභාගි වේ.

අප්‍රේල් 19 සිට 24 දක්වා අමෙරිකාවේ වොෂින්ටනයේ දී සාකච්ඡා පැවැත්වේ.