කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

Picture of අසංක

අසංක

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 23 වනදා තෙක් විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ.

එමෙන්ම එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණි.

මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ මූදල් අවභාවිතා කළ බවට චෝදනා 06ක් පාදක කරගනිමින් කබ්රාල් මහතාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.