රිෂාඩ් සාලි හිස්බුල්ලා ගැන තීන්දුවක් නැත්නම් විමල් ගම්මන්පිල යන බව කියති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

රිෂාඩ් සාලි හිස්බුල්ලා වැනි පුද්ගලයන් තමන්ගේ පාලනයකට වද්දා නොගන්නා බව විපක්ෂයේ නායකත්වය සෘජුව ප්‍රකාශ නොකළොත් එකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වන බවට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මන්ත්‍රිවරු අද පැවැති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී අනතුරු ඇගවුහ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රිවරු පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී අද (13) පැවැත්වු මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය.

දේශපාලන තක්කඩිකම් නොකර මහ පොළව ඉල්ලන නායකත්වය ලබා දෙන්න යැයි ඉල්ලමින් මෙහිදී විමල් වීරවංශ මහතා කිසියම් දේශපාලන පිපිරීමක ඉගි පළ කිරීම මාධ්‍යවේදීන්ගේ කතාබහට ලක්වුහ.

 එහිදී විමල් වීරවංශ මහතා මෙසේ ද කීවේය.

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය යුද විශේෂඥයින් ගෙන්වා මෙම ප්‍රශ්නය විසදනවා කියන්නේ රට තුළට විදේශ හමුදා ගෙන්වා ගන්නයි. හලාවත ඇවිලීගිය  සිදුවීමට එජාපයේ ශාන්ත කියන මන්ත්‍රිවරයාටත් කුලියාපිටිය සිදුවීමට අකිල මන්ත්‍රිවරයාටත් චෝදනා එල්ල වෙනවා. වතුකරයේ දෙමළ හින්දු දරුවන්නට දෙමළ පාසල් 4කදි වහාබ් අන්තවාදය උගන්වලා. කම්කොරු කොංග්‍රසයේ සෙන්දිල් මන්ත්‍රිවරයා මේ බව අනාවරණය කළා.  ඒ නිසා රිෂාඩ්ලගෙ වහාබ්වාදී ඡන්ද කුට්ටියට කෙළ පෙරන්න එපා කියලා අපි අපේ විපක්ෂයේ කදවුරටත් කියනවා. සෘජු තීරණයක් නොගන්නවානම් එහෙම විපක්ෂයක බන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපේ කදවුරේ නායකයාට අපි යළිත් කියනවා. මේ වහාබ් වාදයට එරෙහිව නැගී සිටින්න කියලා. රිෂාඩ් සාලි හිස්බුල්ලා අපි ගොඩනගන පාලනයකට සෘජුව වද්දාගන්නෙ නැහැ කියලා අපි විපක්ෂයක් ලෙස ජාතිය හමුවේ කිව යුතුයි. ඒකට හොරගල් අහුලමින් ඉදලා බැහැ. මේ මහ පොළව ඉල්ලන නායකත්වය ලබා දේනන. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා කියන අනතුරු ඇගවීම අපි ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් කියනවා යැයි විමල් වීරවංශ මහතා පැවැසීය.