ඉෂාර රත්නකාර
අධිකරණ විනිසුරුවරුන් විවෘත මනසකින් කටයුතු කල යුතු බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (15) ප්‍රකාශ කලේය.
මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරිම විනිසුරුවරුන්ගේ වගකීමක් බව පෙන්වාදුන් අගවිනිසුරුවරයා එක් විනිසුරුවරයකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවහොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතිය පිරිමැසිය නොහැකි පාඩුවක් වන බව ප්‍රකාශ කලේය.
අධිකරණ කටයුතුවලදී බියකින් තොරව අපක්ෂපාති ලෙස කටයුතු කළ යුතු බව විනිසුරුවරයා ප්‍රකාශ කලේය.
මෙරට 47 වැනි අගවිනිසුරුවරයා ලෙස පත්වූ නීතිපති ජයන්ත ජයසූරිය මහතා පිලිගැනීමේ චාරිත්‍රානුකූලව නිල උත්සවය කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේදී අද පැවති අතර එහිදී අගවිනිසුරුවරයා මෙලෙස ප්‍රකාශ කලේය .
මෙම උත්සවය සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.