සහල් ආනයනයට වැට

Picture of අසංක

අසංක

සහල් වර්ග කිහිපයක් ආනයනය යළි දැනුම් දෙනතෙක් තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022 දෙසැම්බර් 09 දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවය.

රට තුළ අවශ්‍ය සහල් තොග පවතින බැවින් ඉදිරි කාලය සඳහා සහල් ආනයනය නතර කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා මීට පෙර මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.