කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය (IConArts 2022) දෙසැම්බර් 16 වැනි දා.

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය දෙසැම්බර් 16 වැනි දා, ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙහි දී දේශීය හා විදේශීය පර්යේෂකයින්ගේ හා සමාජ ශාස්ත්‍රඥයින්ගේ පර්යේෂණ පත්‍රිකා ශාස්ත්‍රීය හා සමාජ පාර්ශ්ව සමග හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙවර එහි තේමාව වන්නේ, ‘අනුකූලත්වයේ සිට අභිවර්ධනය දක්වා – අර්බුදකාරී සන්දර්භයක දී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාවන්හි භූමිකාව’ යන්න යි. එදින ම, එම පර්යේෂණ පත්‍රිකාවල සාරසංක්ෂේප සංගෘහිත පර්යේෂණ ග්‍රන්ථයක් ද සමාජගත කෙරේ.

-IConArts 2022 පර්යේෂණ පරිසංවාදයෙහි සමාරම්භක උලෙළ දෙසැම්බර් මස 16 වැනි දා, සිකුරාදා පෙරවරු 9.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු මැතිතුමාගේ උපදේශකත්වයෙන් ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේ දී පැවැත්වේ. එහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සැන් ෆැරැන්සිස්කෝ ජාතික විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියන්වදා අබේවික්‍රම මැතිනිය විසිනි.

මෙම සියලු සැසි සඳහා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට, විද්‍යාර්ථීන්ට මෙන් ම මහජනතාවට ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැකි ය. යඑඑචිථරැරැ්රඑිගජපඉග්ජගකනරැ යන කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ වෙබ් අඩවිය සමග සම්බන්ධ වීමෙන් පර්යේෂණ පරිසංවාදය පිළිබඳ සියලු විස්තර ලබාගත හැකි අතර, පර්යේෂණ සැසි සඳහා සම්බන්ධ වීමට ද හැකි ය.