ලෝක පාපන්දු ශූරතාවය ආජන්ටිනාවට

Picture of අසංක

අසංක

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා කණ්ඩායම අද සමත්විය.

තරගය නියමිත කාලයේදී ගෝල දෙක බැගින් කණ්ඩායම් දෙකම රැස්කිරීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබාදුනි.

එහිදී ද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයේ අවසන් තීරණය ගනු ලැබුවේ දඬුවම් පහර මගිනි.

ඒ අනුව පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි.