පැය 10ක් විදුලිය කපාවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින ගල් අඟුරු තොගය අවසන් වීම හේතුවෙන් මෙලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බවය.

එම මාධ්‍ය හමුවට එක්වූ විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් පැය 10කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ බරපතළ අවදානමක් පවතින බවය.