කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග එකාබද්ධව විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ඉන්දීය හා ජපාන රජයයන් එකඟතාව පළකර ඇත.
මීට අදාළ අවබෝධතා ගිවිසුමට මෙම වසර අවසානයේ අත්සන් තැබෙනු ඇති අතර ඒ අනුව මෙම සංවර්ධන වැඩසටහන ලබන වසරේ මාර්තු මස සිට ක්‍රියාත්මක වීමට නියමිත බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ වරායේ බහාලුම් ධාරිතාව මෙන්ම එහි ක්රියාකාරීත්වයද විශාල ලෙස ඉහල නැංවීම මෙම සංවර්ධන වැඩසටහනේ ඉලක්කය වී ඇත. ඒ හරහා දකුණු ඉන්දීය මුහුදු කලාපයේ ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම වනු ඇති බව ඉන්දීය හා ජපාන බලධාරීන් සඳහන් කර සිටිති.
කෙසේ වෙතත් ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් නම් පවසන්නේ චීනය ආරම්භ කර ඇති “බෙල්ට් ඇන්ඩ් රෝඩ් ” සංවර්ධන වැඩසටහනට , එකට එක කිරීමක් ලෙස මෙම වැඩසටහන ඉන්දියාව හා ජපානය විසින් ආරම්භ කර ඇති බවයි.