කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී සිදුවූ 26 දෙනෙකු ඝාතන සිදුවීමෙන් පසු ඉන්දියාව හමුදා ආක්‍රමණයක් සිදු කිරීමට ආසන්න බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් එරට මාධ්‍ය වෙත ඊයේ පවසා ඇත්තේ මෙම තත්වය මත පාකිස්තානයද සිය හමුදා සීරුවෙන් තබා ඇති බවයි.
පවතින තත්ත්වය තුළ සමහර උපායමාර්ගික තීරණ ගත යුතු බවත් හෙතෙම සදහන් කරයි.
‘පාකිස්ථානයේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් තම න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති’ යයිද හෙතෙම පවසා ඇත.

Updated– කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට අවසර දී ඇත.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී තිබේ.
විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇති අතර ඉන්දීය හමුදා ප්‍රධානීන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාද ඊට එක්ව ඇත.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඉදිරි පැය 36ක් ඇතුලත ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමක් ඇති බවයි.
කෙසේ වෙතත් පාකිස්තාන ආරක්‍ෂක ඇමතිවරයාද සදහන් කරන්නේ ඉන්දියාවෙන් එල්ල වන ඕනෑම ප‍්‍රහාරයකට වහා ප්‍රතිචාර දක්වන බවයි.