2025 වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1241.7ක වෙළඳ භාණ්ඩ අපනයන ආදායමක් ලබා තිබේ. මෙය 2024 මාර්තු මාසය හා සැසදීමේදී සියයට 8.1ක වර්ධනයකි. 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1 143.5ක් වෙයි.
2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ආනයනද ඉහළ ගොස් තිබේ. 2024 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1507.7ක් වූ අතර 2025 මාර්තු මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 1637.3ක් වෙයි.
මේ අනුව 2025 මාර්තු මාසයේදී වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 395.6ක් විය.