2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට සාමකාමීව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ කිසිදු බාධාවකින් තොරව ඡන්ද විමසීම සිදු වන බවයි.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වන්නේ කෙසේද?

ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන ආකාරය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතාගෙන් විමසීමක් කළා.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලින්ද නෙත් නිවුස් විමසා බැලුවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ සුළු සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වී ඇති බවයි.
හැකි ඉක්මනින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඡන්දය ලබාදෙන ලෙසයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ජනතාවට දැනුම් දුන්නේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.