මාලිමාවට පැහැදිලි ජයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2018 පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයට වඩා වැඩි ජයග්‍රහණයක් මෙවර ජාතික ජන බලවේගය ලබාගෙන තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

පලාත් පාලන මැතිවරණ වලදී ජනතාව වැඩි වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වීමද ප්‍රධාන පක්ෂයකට යම් අවාසියක් බවද ඔහු පැවසුවේය.

එමෙන්ම මෙම ඡන්ද ක්‍රමයද වැඩි වශයෙන් ප්‍රධාන පක්ෂ වලට අවාසි දායක ලෙස සකසා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණයකදී ගමේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන පුද්ගලයන් සම්බන්ධයෙන් දැන හැඳුනුම්කමට ඡන්දය දීමේ වැඩි ප්‍රවණතාවයක් ජනතාවගේ ඇති බවද පැවසූ ඔහු මෙවර මැතිවරණයේදී අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් එකතු වීම මත ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් ඇතුළු කණ්ඩායම් පුද්ගලික මට්ටමෙන් කරන බලබෑම් මතද යම් බලපෑමක් සිදුවී ඇති බවද ඔහු කියා සිටි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.