ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින යුධ ගැටුමට , මැදිහත් වී ඇති බවට චීනයට ද චෝදනා එලවමින් තිබේ.
පසුගියදා ඉන්දීය ගුවන් යනා දෙකක් බිම හෙලා ඇත්තේ චීනයේ සහයෝගයෙන් බවට ඇමරිකාව චෝදනා එල්ල කරයි.
පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතාද පසුගිය බදාදා ප්‍රකාශ කළේ ඉන්දියාවේ ගුවන් හමුදාව සමඟ සිදුවූ ගැටුමකදී පාකිස්තානය චීනයේ නිෂ්පාදිත J-10C ප්‍රහාරක ජෙට් යානා යොදා ගත් බවයි .
නමුත් චීනය විසින් මෙම කරුණු ප‍්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර ඉන්දීය හමුදා කඳවුරු තුනකට පකිස්ථානය විසින් මිසයිල හා ඩ්‍රෝන යනා මගින් ප්‍රහාර එල්ල කළ බවට ඉන්දියාව විසින් කරන චෝදනාව පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයි.
අදාළ ප්‍රහාරයෙන් පසු කාශ්මීර ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට විදුලියද විසන්ධි වී තිබිණ.
