ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් Forbes සඟරාවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 2025 Forbes සඟරාවට අනුව ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ඇතුළත්වීමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සමත්වී ඇත .

‘Wild Cookbook’ YouTube වේදිකාව තුළ ලොවවටා රසික පිරිසකගේ ආදර දිනාගත් ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා ඉන් එක් අයෙකි . පසුගිය මාර්තු මස 28 වන දින සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර යෑමට සමත් වූයේ මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික Youtube නාලිකාවේ හිමිකරුවා බවට පත්වෙමිනි. ඉන්


පමණක් නොව ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button හි සාඩම්බර හිමිකාරත්වයට ද පත් වූයේ අපේ පුංචි රටේ නම ලෝකයට ගෙන යමිනි.

චරිත්ට චරිත්ගේම ආරෙකට උයන ඉවුම් පිහුම් රටාවක් පැවතීම සහ එයට වැඩ කිඩ දමා ප්‍රේක්ෂකයා ඇඳ ගැනීමට ඔහු කරන දෑ ඔහුගේ මෙම සාර්ථකත්වයට හේතු විය.

ශ්‍රීලාංකික තරුණ ව්‍යවසායිකාවක වන යානිකා අමරසේකර මෙම ලයිස්තුවේ සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා වේ . Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් දස්කම් පාමින් ඇයගේම ව්‍යවසායකත්වය තුළින් මෙලෙස 2025 Forbes සඟරාවේ ඇයගේ නමත් ඇතුළත් කර ගැනීමට සමත් වී තිබේ.


විවාහ උත්සව සඳහා ත්‍යාග වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කරන ලද ඩිජිටල් වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරිය ඇය වන අතර 2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට විශාල ප්‍රමාණයක සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

යානිකා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් මෙන්ම කැලිෆෝනියාවේ UC Berkeley ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් ද හිමිකර ගෙන ඒ දැනුමෙන් වැඩත් ගත් අපේ කාලයේ තරුණියක් වීම සාඩම්බරයකි.