සීනි ආනයනකරුවන් විසින් සීනි මෙට‍්‍රික් ටොන් 60,000ක පමණ විශාල සීනි තොගයක් සඟවාගෙන අධික ලාභයක් ලැබීමට කටයුතු කරමින් සිටින බව වෙළඳපොළ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ රජය විසින් ආනයනික සීනි කිලෝවක් සඳහා අය කරන බද්ද රුපියල් තිහකින් ඉහල නැංවීමට සූදානම් වන්නේ යැයි ලැබී ඇති තොරතුරක් මතයි.

දේශීය සීනි නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ගැටළුවට විසඳුමක් ලෙස ආනයන එක සීනි කිලෝවක් සඳහා දැනට අය කරන රුපියල් පනහක බද්ද තවත් රුපියල් තිහකින් ඉහල දැමීමට මේ වන විටත් භාණ්ඩාගාරයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ඒ අනුව මහා පරිමාණ ආනයනකරුවන් තමන් සතුව පැවති ආනයනික සීනි තොගය වැඩි වලට විකුණා ගැනීමේ අරමුණින් මෙසේ සඟවා තබා තිබේ.