පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්න ඉන්දියාවෙන් බලපෑම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආණ්ඩුවට සිහි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇති බවද රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ සමගම පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සූදානමින් සිටී.

ඒ සඳහාත් විදේශීය සහාය ලැබෙන බවත් වාර්තා වෙයි.