නිදොස් කොට නිදහස් කරන ලෙස මහින්දානන්ද අධිකරණයෙන් ඉල්ලයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහුගේ නීතිඥයන් විසින් අදාල අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.