ඔස්කාර් සහ එමි සම්මානවලින් පිදුම් ලත්, සුප්‍රකට හොලිවුඩ් නළුවෙකු වූ බි්‍රතාන්‍ය ජාතික ජෙරමි අයන්ස් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ, මෙරට රූගත කෙරෙන, “කේජ් බර්ඩ්” චිත්‍රපටයට රඟපෑමෙන් දායක වීම සදහායි.
ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් මෙම චිත්‍රපටය නිර්මාණය කරනු ලබනවා.

ඔහු ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
හොලිවුඩ් නළුවෙකු මේ ආකාරයට මෙරටට පැමිණීම සිදු වුණේ වසර 12 කට පසුව බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පවසා ඇත්තේ.
ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන මහත්මිය සහ ජාත්‍යන්තර සිනමාකරණ සහ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
