ඊලෝන් මස්ක්ගේ Starlink , ලබන සතියේ සිට ශ්‍රී ලංකාවේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


Starlink ඉන්ටර්නෙට් සේවාව පළමු සේවා ලාභීන් 12 දෙනා අතර මෙම සතියෙන් පසුව ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) සඳුඳා ජූනි 16 පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

මෙම සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව ලබා දීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල් 112ක් මේ වන විට මෙරටට ගෙන්වා ඇති අතර ඒවායෙන් කට්ටල් 12ක් මේ සතියේ සිය සේවා ලාභීන් වෙත ලබා දී තිබේ.

ඒ අනුව, මෙරට තම සේවා කටයුතු ආරම්භ කරන බව Starlink සමාගම දන්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

“Starlink ආයතනය සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව ලබා දීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල් 112ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒ කට්ටල් අතරින් පළමු තාක්ෂණික කට්ටල් 12 ඔවුන් පාරිභෝගිකයන්ට මේ වන විට බෙදා හරිමින් සිටින්නේ. ඔවුන් අපට දන්වලා තියෙනවා මේ සතිය අවසනායේ ඒ කට්ටල් 12 බෙදා හැරීමෙන් අනතුරුව අපට දන්වනවා කියලා.”