‘කැප්ටන් කූල්’ යන නම කියූ සැනින් මෙරට මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ මතකයට එන්නේ 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග ය.
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ටෝනි ග්‍රේග් විසින් අර්ජුණ රණතුංග ‘කැප්ටන් කූල්’ යන අන්වර්ථ නාමයෙන් පළමුව ආමන්ත්‍රණය කළේ, 1990 දශකයේදී ය.

අර්ජුණ රණතුංගගෙන් පසුව ඇතැම් ක්‍රිකට් විස්තර විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් ‘කැප්ටන් කූල්’ යන අන්වර්ථ නාමය ඉන්දීයාවේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට ද භාවිත කරනු දක්නට ලැබිණි.
.
‘කැප්ටන් කූල්’ නාමය නැවතත් කතාබහට ලක්වන්නේ, එම වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ සන්නාමයක් ලෙස යොදා ගැනීමට හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ පේටන්ට් බලපත්‍ර, නිර්මාණ සහ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි. .
2025 වසරේ ජූනි 16 වන දා ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘ට්‍රේඩ්මාර්ක් ජර්නල්’හි මහේන්ද්‍ර සිං දෝනි විසින් ‘කැප්ටන් කූල්’ යන වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ නාමයක් කිරීම සඳහා කළ ඉල්ලීම ඇතුළත් කර තිබේ.

ක්‍රීඩා පුහුණුවීම්, ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීම සහ ක්‍රීඩා පුහුණුකාර සේවා සැපයීම් සඳහා ‘කැප්ටන් කූල්’ යන වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ නාමයක් ලෙස යොදා ගැනීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඉල්ලීමක් කර ඇති බව එහි දැක්වේ.
2025 ජූනි 16 වන දින එම ඉල්ලීම පිළිගැනීමේ දිනය සිට දින 120ක් ඇතුළත තෙවන පාර්ශවයක් විසින් කිසිදු විරෝධයක් මතු නොකළහොත් දෝනිට එම වෙළෙඳ ලකුණේ අයිතිය හිමි වන බව එහි දැක්වේ.
ක්‍රීඩා පුහුණුවීම්, ක්‍රිඩා පුහුණු පහසුකම් සැපයීම සහ ක්‍රීඩා පුහුණුකාර සේවා සැපයීම් සඳහා ‘කැප්ටන් කූල්’ යන වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ නාමයක් ලෙස යොදා ගැනීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඉල්ලීමක් කර ඇති බව එහි දැක්වේ.
මේ පිළිබඳව අප කල විමසීමකදී ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රොෂාන් අබේසිංහ පැවසුවේ මෙවැන්නකි ,.

”ඉස්සර ලේක්හවුස් එකේ ඩේලි නිව්ස් පත්තරේ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වගේ ම පස්සේ කර්තෘ කෙනෙක් විදිහට වැඩ කරපු එල්මෝ රොද්‍රිගෝ පුල්ලේ තමයි මුලින් ම ඔය කැප්ටන් කූල් කියන නම ලියන්නේ පත්තරේට අර්ජුණ ගැන ලියද්දි.””එයා ලිව්වට පස්සේ තමයි ටෝනි ග්‍රේග් ඔය වචනේ අල්ල ගත්තේ. ටෝනි ග්‍රේග් ලංකාවට ආව ම එයා පත්තර කියවනවා. ඊට පස්සේ තමයි ටෝනි ග්‍රේග් අර්ජුණ රණතුංගට කැප්ටන් කූල් කියලා කියන්න පටන් ගත්තේ. ටෝනි රූපවාහිනී මාධ්‍යයේ හිටපු නිසා පත්තරේට වඩා ඒක බලවත් නිසා ඒක එහෙම ම ඉදිරියට ගියා. ඒක තමයි මම දන්න ඉතිහාසය,”
ටෝනි ග්‍රෙග් එසේම හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ‘කැප්ටන් කූල්’ යන අන්වර්ථ නාමය, වෙළෙඳ නාමයක් ලෙස තමන්ගේ නම යටතේ ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීමක් කර තිබීම කිසිසේත් පිළිගත නොහැකි කරුණක් බවද ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා පැවසීය .
‘ඒක වැරදි යි. එහෙම දෝනිට ගන්න බැහැ මේක. මම කියන්නේ අර්ජුණට අයිති දෙයක් ඒක. දෙවනුවට තමයි දෝනිට ඔය නම ගියේ. නමුත් ඒක අයිතිකර ගන්න පුළුවන් ද කියලා මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සරහට තව කාටවත් කැප්ටන් කූල් කියන්න බැහැ. ඒක වැරදියි නේ. ඒක ඇවිල්ලා සාමාන්‍ය වචනයක්. මාස්ටර් බ්ලාස්ටර් කියලා කියන්න පුළුවන්. ඒකත් සාමාන්‍ය වචනයක්. ඒවා කාටවත් අයිති කර ගන්න බැහැ,” ඔහු පැහැදිළි කළේ ය.
අබේසිංහ මහතාට අමතරව , දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් රැසක්ද දෝනිගේ මෙම ක්‍රියාව දෙස විවේචනාත්මකව අදහස් පළකර තිබෙනු දක්නට ඇත .