‘බබා වංගා’ හෙවත්, මංගා අනාවැකි කියන්නියක වන රියෝ ටස්ටුකි, ඇගේ ‘The Future I Saw’ නම් පොත හරහා කළ අනාවැකියක් ඊයේ දින බොරු බවට පත්විය .
එම පොතට අනුව, අද ජපානයේ පැසිෆික් සාගර වෙරළ තීරයේ භූමිකම්පාවක් සිදුවනු ඇති අතර එය 2011 සුනාමිය මෙන් තුන්ගුණයක් විනාශකාරී විය හැකි ව්‍යසනකාරී සුනාමියක් ඇති කරයි.
ජපානය සඳහා වූ මෙම බියජනක අනාවැකිය කාලගුණ විද්‍යාඥයින්, භූමිකම්පා විශේෂඥයන් සහ ජපන් රජය අතරද කැළඹීමක් ඇති කිරීඅට සමත්විය ,

පසුගිය සති දෙකක් ඇතුළත ජපානය පුරා පරිමාණයේ භූමිකම්පා 1,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීම නිසා ජපානය පුරා කනස්සල්ල තවත් වැඩිවීය .
මෙම කුඩා භූ කම්පන හොක්කයිඩෝ සිට කියුෂු දක්වා ප්‍රදේශවලට බලපා ඇති අතර, ඉවත් කිරීම්, සුනාමි අනතුරු ඇඟවීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් සිදුකර ඇත.
මේ තත්වය මත , ජපන් රජය මහජනතාවගෙන් සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටී අතර මෑත කාලීන භූ කම්පන ක්‍රියාකාරකම් කිසිදු නිශ්චිත අනාවැකියකට සම්බන්ධ කිරීමට විද්‍යාත්මක පදනමක් නොමැති බව ඔවුහු අවධාරණය කර සිටියහ ,
ඇත්තෙන්ම අනාවැකියට අනුව යමින් ඊයේ දිනය තුල කිසිදු භයානක මට්ටටමේ භූමි කම්පාවක් සිදු නොවූ අතර , මන්ගා අනාවැකි පදනම් විරහිත බවට නැවත වරක් සනාථ විය .