ආසියානු කුසලානයේ කාලසටහන මෙන්න –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 9 වනදා ආරම්භ වේ.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය එදින ඇෆ්ගනිස්තානය හා හොංකොං රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතය.

මේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය සැප්තැම්බර් 13 වනදා බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් 08ක් කාණ්ඩ 02ක් යටතේ තරගවැදීමට නියමිතව ඇත.

එහි A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය ඇතුළත් වේ.

B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං ඇතුළත්ය.