හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස ඉල්ලා විදෙස් නියෝජිතයින් කිහිප දෙනෙකු නිවේදන නිකුත් කර තිබේ.
එවැනි ඉල්ලීම් කිහිපයක් පිළිබඳ තොරතුරු මෙසේ ය.
එරික් සෝල්හයිම්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ, ‘රනිල් වික්‍රමසිංහ වහා ම නිදහස් කරන’ ලෙස ය.
‘රනිල්ට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නැත. ඒවා සත්‍ය වුව ද, ඒවා යුරෝපයේ කිසිදු අපරාධකාරී හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසැලකේ,’ යනුවෙන් ද එහි සඳහන් කර තිබේ.
‘කරුණාකර රනිල් වික්‍රමසිංහ වහා ම නිදහස් කරන්න!
ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ ලොව පුරා සිටින බොහෝ නායකයින් සමග මමත් එක් වෙමි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රඳවා තබා ගැනීමේදී ඔහුගේ සෞඛ්‍යය ගැන අපි සැවොම සැලකිලිමත් වෙමු.
2022 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් ය.
රනිල්ට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නැත. ඒවා සත්‍ය වුව ද, ඒවා යුරෝපයේ කිසිදු අපරාධකාරී හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසැලකේ.
දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට මම පූර්ණ සහයෝගය ලබා දෙමි, නමුත් කරුණාකර සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්න!’

අශ්රෆ් හයිදාරි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා ඇෆ්ඝනිස්ථාන තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ අශ්රෆ් හයිදාරි Xහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ‘දකුණු ආසියානු කලාපයේ නායකයින් සමග එක්ව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටින,’ බව ය.
ඔහු පළ කර ඇති X සටහනක මෙසේ ද සඳහන් කර තිබිණි.
‘එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ මානුෂීය නායකත්වය සහ සහයෝගය නොතිබුණේ නම්, ඇෆ්ගන් සරණාගතයින් 1,500කට ආසන්න සංඛ්‍යාවක් කිසි විටෙකත් දියුණු රටවල ආරක්ෂිතව නැවත පදිංචි කරවීමට නොහැකි වනු ඇත. 2019 මැයි 24 වන දින, ඇෆ්ගන් සරණාගතයින් ශ්‍රී ලංකාවෙන් නැවත පදිංචි කිරීමට උපකාර කිරීම සඳහා කොළඹ පදනම් කර ගත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත මා කළ ඉල්ලීමට ඔහු දැඩි ලෙස ශක්තිමත් සහයක් දැක්වීය.
බොහෝ දෙනෙකුට මෙය අමතක වී ඇති නමුත්, විශේෂයෙන් හසාරා ප්‍රජාව ඉලක්ක කරගත් මාරාන්තික ත්‍රස්ත ව්‍යාපාරයකින් පලා ගිය බොහෝ දෙනෙකුට නැවත පදිංචි කරවීමට ඇෆ්ඝනිස්ථානයට පළමු වරට හැකි වූයේ ශ්‍රී ලංකාවේ සහයෝගය ඇතිව ය.
අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ සැලකිලිමත් ශ්‍රී ලාංකික නායකයෙකු ලෙස පමණක් නොව, දුර්ලභ නායකත්ව ගුණාංග ඇති දකුණු ආසියානු රාජ්‍ය නායකයෙකු ලෙස ද සිහිපත් කරනු ලබන අතර, ඔහුගේ දැක්ම දේශසීමා ඉක්මවා වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් දක්වා විහිදේ.
ජනාධිපතිතුමනි, අගමැති වික්‍රමසිංහ මහතා, ඇෆ්ගන් සරණාගතයින් සහ මම ඔබට බෙහෙවින් කෘතඥ වෙමු. ඔබගේ ක්ෂණික නිදහස් කිරීම සහ සම්පූර්ණ සුවය සඳහා අපි දිගට ම යාච්ඤා කරමු.’
හරුන් අල් රෂීඩ්
මේ අතර, බංග්ලාදේශයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ හරුන් අල් රෂීඩ්, රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශයේ මහාචාර්ය මොහොමඩ් යූනුස් සන්සන්දනය කරමින් අදහස් පළ කර තිබිණි.
