ශ්‍රී ලංකාවේ වත්මන් සිදුවීම් පිළිබඳව අතිශයෝක්තියකින් යුතු හා හැගීම් අවුස්සන සුළු අකාරයේ නිවේදනයක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශකවරුන් ක්‍රියාකර ඇති බව මෙරට රජය චෝදනා කර සිටී.
ජනඝාතන වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක ඇඩමා ඩියැන්ග් සහ ආරක්ෂාවට ඇති වගකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශිකා කැරන් ස්මිත් යන දෙදෙනා පසුගියදා මෙරට සම්භන්ධව නිකුත් කල ඒකාබද්ද නිවේදනය සම්භන්ධව ප්‍රතිචාර දක්වමින් නිව්යෝක් හි ජගත් සංවිධාන මූලස්ථානයේ මෙරට නිත්‍ය නියෝජිත රොහාන් පෙරේරා මහතා මෙම චෝදනාව ඉදිරිපත් කර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග මතුවූ තවත්ව්‍යන් සමනය කිරීමට රජය නිසි පියවරයන් යොදමින් සිටින අවස්තාවක , ජගත් සංවිධාන උපදේශකයින් නිකුත් කල නිවේදනය හැගීම් අවුස්සන සුළු මෙම අසත්‍ය තොරතුරු මත පදනම්ව සකස් වී ඇති බවද රොහාන් පෙරේරා මහතා මෙහිදී අව්ධාවරණය කර ඇත.
රට තුල ආගමික ගැටුම් ඇතිවී නොමැති බවත් එවැනි තත්වයක් ඇතිවීම වලක්වීමටද රජය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත් රොහාන් පෙරෙරා මහතා සඳහන් කර ඇත