ශ්‍රී ලංකාව තුල ආර්ථික ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක විය යුතුයි – IMF

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම සිදුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha Woldemichael සඳහන් කර සිටී .

ශ්‍රී ලංකාව දැනට නිවැරදි මාවතක ගමන් කරන බවත් ආර්ථික මට්ටම ස්ථාවර කරගැනීම සඳහා තවදුරටත් ප්‍රතිසංස්කරණ සිදුකිරීම වැදගත් බවත් ඇය පැවසීය .

ඊයේ (12) දින, තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ කොළඹදී පැවැත් වුණු අතර, එහි ප්‍රධාන දේශනය සිදුකරමින් Martha Woldemichael මහත්මිය මේ බව සඳහන් කළාය.

මෙහිදි ශ්‍රී ලංකාවේ කාළාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරිණි. මෙම වැඩසටහන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තේ අපනයන මණ්ඩලයේ සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති සහ තේ අපනයනයකරුවන් හා නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.