‘අමාත්‍යධුරයෙන් යන්න’ – අතාවුල්ලා රිෂාඩ්ට කියයි

Picture of අසංක

අසංක

දිමුතු සේනාධීර

මුස්ලිම් ජනතාව පාවා නොදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා මහතා පවසයි.


අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ආතාවුල්ලා මහතා මේ බව සදහන් කළේය.

රිෂාඩ්ගෙ කතාව හරියට පුසා දෑස් පියාගෙන ලෝකයම කළුවර වුණා යැයි කියනවා වගේ කතාවක්. ඉබ්‍රහිම්ට පිත්තල දුන් ආකාරය ගැනත් රිෂාඩ් ට චෝදනා තිබෙනවා.අනෙක් අතට ඔහුගේ අමාත්‍යංශය මුස්ලිම් ජමාජයට වැදගත් කමක් තිබෙන අමාත්‍යංශයක්ද නැත්නම් දේශපාලන අනාථයන්ට ලේකම්ධූර පිහිටුවා ඔවුන්ට ව්‍යාපාර කිරීමට දෙන තැනක්ද යන්න ගැන රටේ ජනතාව සොයා බැලිය යුතුයි.


සියල්ල සිදුකර මුස්ලිම් සමාජය ඇතුලෙ සැගවෙන්න එපා යැයි මම රිෂාඩ් ට කියන්න කැමැතිය. රිෂ්ඩ් විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ එකම මුස්ලිම් අමාත්‍යවරයා. දැන් කබීර් හෂීම් වගේ ඇමැතිවරයෙක්ටත් එහෙනම් මේ චෝදනා එල්ල වෙන්න තිබුණනේ. ඒ නිසා මේ සැකයට හේතුවක් තිබෙනවා නම් රිෂාඩ් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි හෙතම පැවැසීය.