2025 වසර තුළ මෙරටට සෘජු විදේශ ආයෝජන අගය අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය නිවේදනය කළේ, 2024 වසරට සාපේක්ෂව එය 72% ක වැඩිවීමක් බවයි.
ඒ අනුව, 2025 වසර තුළ මෙරටට විදෙස් ආයෝජන මගින් අමෙරිකානු ඩොලර් මිලියන 1,057ක් ලැබී තිබුණා.
සමස්තයක් ලෙස සමාගම් 188 කින් මෙම විදෙස් ආයෝජන ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

