වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ගර්භනී මවකට පැලෝපීය නාලයට හානි කරන්න පුළුවන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගර්භනී මවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පවසයි.

සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම, නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බව මහාචාර්යවරයා මාධ්‍ය වෙත පසුගියදා සඳහන් කළේය .

එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති බවත් ඇතැම් මව්වරුන්ට සිදුකරන LRT සැත්කම් යනුවෙන් හඳුන්වන්නේ ද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවත් මහාචාර්ය දොඩම්පහළවැඩි දුරටත් පැවසුවේය.