ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉන්ධන ඉල්ලයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල් ඛනිජ තෙල් නිෂ්පාදන තම රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කළේය. 

ඉන්දියාව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අසල්වැසි රටවලට අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු වන බව ද ඔහු පෙන්වා දෙයි.