අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට විශේෂ සැලසුමක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ මෙහෙයුම් සැලැස්මක් සකස් කර ඇත.

මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය, අධ්‍යාපන සහ කෘෂිකර්ම වැනි ක්ෂේත්‍රවල ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීම සහ ප්‍රාදේශීය මට්ටමින් සංචිත පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

පවතින අභියෝග ජය ගැනීම සඳහා ඩිජිටල් කේත ක්‍රමය (QR) වැනි තාක්ෂණික විකල්ප තවදුරටත් විධිමත් කිරීමටත්, නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව සොයා බැලීමටත් මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

විය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ඒකාබද්ධ සැලසුම්කරණය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සියලු අංශ නිරන්තර අධීක්ෂණයෙන් පසුවිය යුතු අතර, හුදෙකලා තීරණ වෙනුවට පොදු එකඟතාවයකින් යුත් විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීම රජයේ මූලික අරමුණ වී ඇත.