ඉන්ධන තොග නිකුත් කිරීම අත්හිටුවයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තොග පර්යන්තවලින් ඉන්ධන අද (21) දිනයේ ද නිකුත් කරන්නේ යැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවද ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ මීට සුළු මොහොතකට පෙර පැවසූහ.

ඉන්ධන ලබාගැනීම සඳහා බවුසර් රථ රටපුරා ඉන්ධන පර්යන්ත වෙත පෙරවරුවේ පිටත්ව ගිය බවත් ඉන්ධන නිකුත් නොකරන බව ඔවුන්ට දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ කියති.

මෙම තත්වය හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවත් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පිරවුල්හල්හිමියෝ කියති.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ පස්වරුවේ පැවසුවේ සති අන්තයේද ඉන්ධන තොග නිකුත් කරන බවයි.