ඇමෙරිකාව තාවකාලිකව යුධ ගැටුම් අත්හිටුවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයකට කල් දමන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට යුද දෙපාර්තමේන්තුවට (Department of War) නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැදපෙරදිග පවතින සතුරුකම් “සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම” (Complete and total resolution) සම්බන්ධයෙන් ඉරානය සමඟ “ඵලදායී සාකච්ඡා” පවත්වා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.