ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක වෙළෙඳපොළේ අද (25) උදෑසන වනවිට බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.78ක් දක්වා අඩු වී තිබූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 6.72ක අඩු වීමක්.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.18ක් ලෙස පහළ ගොස් තිබූ අතර, එහි මිල වෙනස දැක්වෙන්නේ ඩොලර් 5.17ක් ලෙසයි.