පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ විශේෂ කතාබහක්

Picture of අසංක

අසංක


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වනවිට පාර්ලිමේන්තුවේදී රැස්වී ඇත.

උදෑසන 8 ට එහි වැඩකටයුතු ආරම්භ වූ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍යයට ආවරණය කිරීමට සඳහා විවෘත වන පළමු අවස්ථාව ද මෙය වේ.

අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැයි 22 වැනිදා පත්කරන ලදී. නියෝජ්‍ය කථානායක ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මෙහි සභාපතිත්වය දරයි.

සිදුවීම සම්බන්ධයෙන් මහජනතාවටද තොරතුරු මෙම කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත. මේ සඳහා යොමු කෙරෙන ලිඛිත නියෝජන කාරක සභාවේ ලේකම්වරයා වෙත ජුනි මස 07 දිනහෝ ඊට පෙර යොමු කළ හැකිය.