මහින්ද අල්ලස් කොමිසමට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම  සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ලබන 12 වැනිදා  පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.

මෙම ලිපිය අද (9)  කාල්ටන් නිවසට බාරදී තිබේ.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් බාරදී නොතිබිණි.