ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ඉවත්කරයිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියේදී ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර කිව් ආර් කේතය යටතේ ඉන්ධන ලබාදීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ එම කමිටුව රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම, අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන පවතින අතර මේ වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද ඉල්ලුම් කර ඇති බව නිලධාරින් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

වෙසක් සතිය තුළ අවශ්‍ය පරිදි විදුලිය ලබාදිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.